Pages

Wednesday, September 15, 2010

පරිඝනක තාක්ෂණයේ ආරම්භය........

වර්තමානයේ අපි පරිගණකය භාවිතා කරමින් නොයෙකුත් දේවල් කරනවා ..... ඒත් ගොඩාක් අය දන්නේ නැහැ එහි ආරම්භය සිදු උනේ කොහමද කියලා ... මං මේ ඒ ගැන කියන්නයි සුදානම්  වෙන්නේ....

4වන සියව‍සේ ,බැබලෝනියාව( now Iraq) කියන ප්‍රදේශයේ දී මුලින්ම ගණිතය සදහා වැදගත් වන Abacus නමින් හදුන්වපු  උපකරණයක් භාවිත කිරීමත් සමග පරිගණකය නිෂ්පාදනයේ පළමු පියවර ආරම්භ  උනා....                                                                                                                
                                                                        Abacus


                                                            

 ඉන් පසු 1820 ත් 1821 ත් අතර කාලය තුල තවත් වැදගත් නිර්මාණ 2ක් Charles Babbage කියන විද්‍යාඥයා විසින් සොයා ගැනීමත් සමගම පරිගණක තාක්ෂණයේ විප්ලවය ආරම්භ උනා... මේ නිර්මාණ Difference Engine හා Analytical Engine නමින් හදුන්වනු ලබනවා....


                                    
                                           Difference Engine                                                  Analytical Engine

  පසුව 1833 දී Augusta Ada Byron කියන විද්‍යාඥයා පරිගණකයක් සෑදීමෙදී අනුගමනය කල යුතු මූලික මූලධර්ම හදුන්වා දීමත් සමග ඒ ආශ්‍රීත නිර්මාණ බිහි වීම ආරම්භ උනා.....

මුලින්ම පරිගණකයක් කියා නම් කිරීම‍ට පුලුවන් නිශ්පාදනයක් හදුන්වා දෙනු ලැබුවේ Ballistics Research Laboratory යන ආයතනය මගිනි.1945 දී හදුන්වා දුන් මේ උපකරණය ENIAC ( Electronic Numerical Integrator Analyzer & Computer ) යන නමින් හදුන්වනු ලබනවා......මෙය කොතරම් විශාලද කියතොත් එය සම්පූර්ණ කාමරයක් පුරා පැතිරී තිබුන බව සදහන් වෙනවා.....

     
                                                                          ENIAC 
1947 දී පරිගණක තාක්ෂණයට ඉතා වැදගත් වන Transistor සොයා ගනු ලැබුවා..මෙය Bell Telephone Laboratory මගින් නිපදවනු ලැබුවත්,  පසුව වෙනත් ආයතනයක් මගින් මෙයම වඩාත් කුඩාවට නිෂ්පාදනය කරනු ලැබුවා.. මේ මගින් කුඩා පරිපථ නිෂ්පාදනය ආරම්භ උනා...

1960 වන විට ප්‍රථම IBM System/360 series of mainframe computers පරිගණක පද්ධතිය එළි දැක්වීම සිදුවූවා ( this is known as a first general -purpose digital computer to use integrated circuits)

1981 දී IBM ආයතනය මගින්ම අද අප කවුරැත් භාවිතා කරන Personal computers (PC) හදුන්වා දෙනු ලැබුවා ...
එතැන් පටන් මේ දක්වාම නොයෙකුත් වෙනස්කම් වලට ලක් වෙමින් පරිගණකය අද තිබෙන තත්වයට පැමිණ තිබෙනවා... වර්තමානය වන විට Palmtop.., Laptop.., ද අභිබවා AI (Artificial Intelligence)  තාක්ෂණයෙන් යුත් පරිගණක හදුන්වා දී තිබෙනවා.........

Sunday, September 12, 2010

දැනුම උල්පතක ආරම්භය........

තාක්ෂණය කියන්නේ දවසින් දවස අලුත් වෙන දෙයක්..... මේ මොහතේ මේ blog එක කියවන කොටත් නව සොයා ගැනීම් ගොඩාක් සිදුවෙමින් තියෙන බව අපි හැමෝම දන්නවා.....ඉතින් මට ඒ හැම දෙයක් ගැනම කියන්න බැරි උනත් මම දන්න දේවල් ටිකක් ගැන ඔයාලට කියන්නයි මේ සුදානම.....මං දන්න දේවල් වලට වඩා වැඩි යමක් ඔයාලා දන්න‍වනම් මේකට එකතු කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා.........

මම ගොඩාක් මේ තුලින් කථා කරන්න උත්සහ කරන්නේ පරිඝනක තාක්ෂණය හා ඒ ආශ්‍රිත තොරතුරැ ගැනයි ..මට පුලුවන් හැම වෙලාවකම මම දන්නා දේ ඔබට ලබා දීමට උත්සහ කරනවා....ඔයාලත් මා සමග එකතු වී අවසානය දක්වාම මා සමග රැදී සිටින්න කියලා මම ඉල්ලා සිටිනවා........